බුද්ධෝත්පාද කාලයක ඉතා අමාරුවෙන් ලබා ගත් වාසනාවන්ත මිනිසත් භවෙන් නියම ඵලය ලබා ගැනීමට අපට අවස්ථාව ලැබී තිබේ…
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් මුළුල්ලේ දස පෙරුම් පුරා අනාවරණය කරගත් ඒ පරම සත්‍ය සතර, ත්රිලක්ෂණය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දුකින් පෙලෙන සියළු සත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙන් ලෝකයාට සාක්ෂාත් කල සේක.
එසේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය මාර්ගය ඔස්සේ යමින් තමන් සාක්ෂාත් කරගත් ධර්ම ගුණය දුකින් පෙළෙන අප වැන්නන්ට දීම පිණිස අව්, වැසි, සුළං, නින්ද, ආහාර, වෙහෙස, විවේකය යනාදී කිසිවක් ගැන නොතකා දිවා රෑ කැප කරන ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය වලල්ගොඩ චන්ද්‍රරතන හිමිපාණන් වහන්සේ මෙන්ම උන්වහන්සේගේ ප්‍රධාන අනුගාමී පූජ්‍යපාද බදුල්ලේ සූරියරතන හිමිපාණන් වහන්සේ සහ අනෙකුත් සුපේෂල ශික්ෂාකාමී ශිෂ්‍ය පරපුර විසින් ගෙනයන නිවැරදි ශ්‍රී සද්ධර්ම ප්‍රචාර වැඩසටහන් මාලාවෙන් පෘථුල ඵල නෙලාගනුමැයි සැදැහැසිතින් ආරාධනා කරමු.
සාදු ! සාදු! සාදු!